ආයුබෝවන්...!
ඔබ සැම IDEA MOBILE දුරකතන අලුත්වැඩියාව පිළිබඳ වූ වෙබ් සටහන වෙත සාදරයෙන් පිලි ගනිමු.
දුරකතන අලුත්වැඩියාව නැතහොත් phone repairing කියන්නේ අද ගොඩක් දෙනෙක් අවධානය යොමු
කරලා තිබෙන මාතෘකාවක්. ඒ නිසා ම මේ ගැන කථා කළ යුතුයි කියල හිතුනා.
ඔබ දන්නවා ඇති ලංකාවේ බොහෝ ස්ථානවල ජංගම දුරකථන අලුත්වැඩියාව පිළිබඳ පංති පැවැත්වෙනවා.එම පාඨමාලා හදාරා ඇති අයටත් දැනට මෙම ක්ෂේත්‍රයේ නිරත වන අයටත් මෙම වෙබ් සටහන ප්‍රයෝජනවත් වේවි.
ඒ වගේම ඔබ දන්නා නොදන්නා බොහොමයක් කරුණු පිළිබඳ අප ඉදිරියේදී කථා බහ කිරීමට බලාපොරොත්තු වෙනවා. ඉතින් ගොඩක් අයට තියෙන ගැටළුවක් තමයි ඉංග්‍රීසි භාෂාව පිළිබඳ තිබෙන දැනුම.ඉතින් ඒ නිසා මේ වෙබ් සටහන සිංහලෙන් නිර්මාණය කරා.ඉදිරියේදීත් අප සමගින් රැදෙන්නට ඔබ සැමට ආරාධනා කරනවා.
by: manthika gayan

No comments:
Post a Comment